නව පනතක් | 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත

පසුගිය මස විවාදයට ගෙන පාර්ලිමේන්තුව්දී සම්මත වූ දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කරන ලදී.

මෙම පනත් කෙටුම්පත පසුගිය ජූලි මස 19 වැනිදා පාර්ලි‍මේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මහතා විසින් 2023 අප්‍රේල් 27 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 21 සහ ජූලි 6 යන දෙදින පැවැත්විණි.

මේ අනුව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ලෙස මෙම පනත අගෝස්තු 8 වනදා සිට බලාත්මක වේ.

නව පනත පහතින්: http://documents.gov.lk/files/act/2023/8/09-2023_S.pdf

© 2023 Online Law Master. All rights reserved. | Handmade By Uvin