1931 අංක 19 දරණ විහාර දේවාලගම් පනතේ 18 වන වගන්තිය මගින් විහාරස්ථානය සතුව පවතින හා සතු කර ගැනීමට බලාපොරොත්තුවන සහ එවැනි අරමුණක් සදහා නඩු පැවරීමට මෙන්ම පවරනු ලබන නඩුවකට පෙනී සිටීමට බලය ඇත්තේ කාටද යන්න විස්තර කර ඇත.
ඒ අනුව විහාර දේපළ සම්බන්ධව කිසියම් නඩුවක් පවරන/පැවරූ නඩුවක් වෙනුවෙන් කටයුතු කිරීම සදහා, පනතේ 3 වන වගන්තිය අනුව, විහාරස්ථානය පාලනය වන ආකාරය( 4(1) සහ 4(2) ) අනුව නිසි බලධරයන් දෙදෙනෙකු දැක ගත හැකිය. ඔවුන් වනුයේ අදාල විහාරස්ථානයේ භාරකරු සහ පාලක විහාරාධිපති හිමියන්ය.
ඒ අනුව පනතේ 4(1) වගන්තියෙන් පාලනය වන විහාරස්ථානයවල චංචල හා නිශ්චල දේපළ සම්බන්ධයෙන් අධිකරණමය කටයුතු කිරීම සදහා එකී විහාරස්ථානයේ භාරකරුට බලය බලය පැවරි ඇත. ඒ අනුව එම විහාරස්ථානයේ දේපලක් සම්බන්ධව නඩුවක්දී “…..(විහාරස්ථානයේ නම)…… භාරකරු” යන තනතුරේ නාමයෙන් නඩු පැවරීමටත්, එකී තනතුරේ නාමයෙන් පමණක් පවරා ඇති නඩුවකට පෙනී සිටීමටත් හැකියාව ඇත. එමෙන්ම භාරකරු විසින් කරන ලද හෝ නොකරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික නාමයෙන් නඩු පැවරීමකට යටත් වන්නේ නැත.
ඒ අනුව පනතේ 4(2) වගන්තියෙන් පාලනය වන විහාරස්ථානයවල චංචල හා නිශ්චල දේපළ සම්බන්ධයෙන් අධිකරණමය කටයුතු කිරීම සදහා එකී විහාරස්ථානයේ පාලක විහාරධිපතිට බලය බලය පැවරි ඇත. ඒ අනුව එම විහාරස්ථානයේ දේපලක් සම්බන්ධව නඩුවක්දී “…..(විහාරස්ථානයේ නම)…… පාලක විහාරාධිපති/විහාරාධිපති” යන තනතුරේ නාමයෙන් නඩු පැවරීමටත්, එකී තනතුරේ නාමයෙන් පමණක් පවරා ඇති නඩුවකට පෙනී සිටීමටත් හැකියාව ඇත. එමෙන්ම පාලක විහාරාධිපති/විහාරාධිපති විසින් කරන ලද හෝ නොකරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික නාමයෙන් නඩු පැවරීමකට යටත් වන්නේ නැත.
තවද මෙම 18 වන වගන්තියේ තවත් සුවිශේෂී තත්වයක් වන්නේ විහාරස්ථානයේ දේපළක්සම්බන්ධයෙන් වන අධිකරණමය කටයුක්තකදී ඒ සදහා ගෙවිය යුතු මුදල්/ගාස්තු/දඩ/වන්දි ….. ආදී සියල්ලම එකී විහාරස්ථානයේ අරමුදලෙන් ගෙවීමද, සද්භාවයෙන් යුතුව කරන ලද ක්‍රියාවකින් විහාරස්ථානයට වන පාඩු/අලාභය සදහා භාරකරු හෝ පාලක විහාරාධිපති පුද්ගලිකව වගකිය යුතු වන්නේ නැත.
මෙහිදී අප අධිකරණ පද්ධතියේ විනිශ්චිත නඩු තීන්දු දෙස බලන විට පෙනී යන්නේ, පනතේ 4(1) වගන්තිය යටතේ පාලනය වන විහාරස්ථාන සදහා භාරකුවෙකු නාම යෝජනා කිරීම එකී විහාරයේ විහාරාධිපති හිමියන්ට ලැබී තිබෙන අතර, උන්වහන්සේ විසින් නාම යෝජනා කර පත් කරන ලද භාරකරු කල්යත්ම විහාරාධිපති හිමියන්ට අවනත නොවී කටයුතු කිරීම මත පැන නගින ආරවුල් විසදීමට අධිකරණයට සිදුවී ඇති බවය.
එහිදී අධිකරණය විසින් පනතේ ප්‍රතිපාදන මත අදාළ වගන්ති අනුව අවස්ථාගත කරුණු අනුව එකී ආරවුල් සදහා විසදුම් ලබාදී ඇති බැවින් වර්තමානය වන විට, භාරකරුගේ වගකීම්, යුතුකම් සහ බැදීම් මොනවාද.., විහාරාධිපති හිමියන්ගේ බලතල මොනවද යන්න සම්බන්ධයෙන් පුර්ව අවබෝධයක් දෙපක්ෂයටම ඇත. ඒ කෙසේ වෙතත් 4(2) වගන්තිය යටතේ පාලනය වන විහාරස්ථානවල මෙවැනි ආරවුලක් ඇති වන්නේ නැත. ඒ මන්ද යත් විහාරාධිපති හිමියන්ම, එකී විහාරස්ථානයේ ” පාලක විහාරාධිපති” වන බැවින් උන්වහන්සේම දේපළ පාලනය කරන නිසාවෙනි.
පනතේ 4(1) වගන්තිය යටතේ පාලනය වන විහාරස්ථානවල වැඩ සිටින ස්වාමීන්වහන්සේලා වෙත ලැබෙන පුද්ගලික දේපළක්/පුජාවක්/මුදලක් හැර අනිත් සියලුම දේපළ භාරකරු සතු වෙයි. ඒ අනුව ඉඩම්වල ආදායම්, කුඹුරු අස්වැන්න, බදු මුදල්, පිං පෙට්ටි, ….. ආදී සියලු දේ ඒ අතර වේ. සරලවම කිව්වොත් පන්සල් වත්තේ පුවක් ගහේ හැදෙන පුවක් ගෙඩියද, පාලනය වන්නේ භාරකරුගේ මැදිහත්වීමෙනි.
එමෙන්ම විහාරස්ථානයේ පවතින අවාස ගෙය හැර අනිත් සියලුම ගොඩනැගිලි ( විහාරය, ධර්ම ශාලාව/) වල පාලනය භාරකරු සතුව පවතී, ඒවා පාලනය හා කළමනාකරණය කිරීම සදහා භාරකරු විසින් ඔහුට අවශ්‍ය ප්‍රමාණයට නිලධාරීන් පත්කර ගත හැකිය. ඒ අයගේ වැටුප් හා දීමනා විහාරස්ථානයේ අරමුදලෙන් ගෙවිය යුතුය. එමෙන්ම කුමන තත්වයක් යටතේ හෝ භාරකරු විසින් පත් කරන ලද නිලධාරියෙක්/සේවකයෙක් එකී විහාරස්ථානයේ විහාරාධිපති/වෙනත් භික්ෂුවකට ඉවත් කිරීම/සේවය වෙනස් කිරීම හා/හෝ ඊට අනුශාන්ඝික කිසිදු ක්‍රියාවක් කල නොහැක.
- ඩයස් එ. රතනපාල හිමි 40 NLR 41
“මෙම නඩුවේදී තීරණය වන්නේ 1931 අංක 19 දරණ විහාර දේවාලගම් පනතේ 4(1) වගන්තියෙන් නිදහස් නොකරන ලද විහාරස්ථානයක, විහාරාධිපති හිමියන්ට අයත් ඉඩම් සම්බන්ධයෙන් නඩුවක් පවරා පවත්වාගෙන යා නොහැකි බවය.” - රතනපාල හිමි එ. ඩයස් 11 NLR 69
” පනතේ 4(1) වගන්තියෙන් නිදහස් කර හෝ නොකර ඇති බව ඔප්පු නොකර විහාරස්ථානයට අයත් දේපළක් බවට තීන්දු ප්‍රකාශ කරව ගැනීමට නඩුවක් පවරා පැවතගෙන යාමට භාරකරුවෙකුට හෝ පාලක විහාරධිපතිට බලයක් නොමැත” - ජයවර්ධන එ. තෙරුන්නාන්සේ 22 NLR 113
” මෙම නඩුවේදී භාරකරු විසින් විහාරස්ථානයේ දේපළ භාරදෙන ලෙස විහාරාධිපති හිමිට එරෙහිව නඩු පවරන ලදී ඒ අනුව, අධිකරණයේ නියෝගය පරිදි විහාරාධිපති හිමියන් විසින් විහාරස්ථානයේ දේපළ භාරකරු වෙත භාරදෙන ලදී, එම නඩුවෙදීම විහාරාධිපති හිමියන් එසේ ලයිස්තුගත කර ඇති දේපළ තුල තමන්ගේ පුද්ගලික දේපළ තිබෙන බවටත් එක දේපළ නැවත තමන්ට භාරදෙන ලෙස ඉල්ලා සිටි නමුත් ඒ සදහා වෙනම නඩුවක් මගින් කරුණු තහවුරු කර අදාල ඉල්ලීම කරන ලෙස දන්වා සිටින ලදී” - සුමන හිමි එ. සෝමරතන හිමි 5 ස. ල. නී. 37
” මෙම නඩුවේදී තීරණය කරන ලද්දේ වසර 40 පමණ විහාරස්ථානයේ වැඩ සිටිමින් ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ස්වාමින් වහන්සේ ” පාලක විහාරාධිපති” වශයෙන් පිළිගත යුතු ලෙසත් නඩු පවරා දේපළ ලබා ගැනීමට හැකියාව ඇති බවත්ය”( මෙම තත්වය සම්බන්ධව ඉදිරි ලිපි මගින් විස්තර) - රණසිංහ එ. ධම්මානන්ද හිමි 3 ස. ල. නී. 91
” විහාරස්ථානයක පරිහරණය සහ ප්‍රයෝජනය සදහා විහාරස්ථ දේපළේ භුක්තියේ සිටින විහාරධිපතිට ඒවා පුද්ගලිකව අයත් නොවේ. මුලින් කල ත්‍යාගයකින් තොරව පන්සලට අයත්වූ ඉඩම් හෝ ප්රදනයකින් භාරදුන් එහෙත් ලේකනවල සදහන් නොවූ ඉඩම් පවා භාරකරුට මිස විහාරධිපතිට පෞද්ගලිකව අයත් නොවේ”