1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 02 වන වගන්තියට අනුව දාගැබක්, දේවාලයක්, කෝවිලක්, ආවාසයක් හෝ ඕනෑම බෞද්ධ වාන්දනාමාන කරන ස්ථානයක් ඉහත නාමින හදුන්වයි.
තවද එකී අර්ථයට ගැනෙන සියලුම ස්ථාන එම පනතින් පාලනය විය යුතු බවත්, දළදා මාලිගාව, ශ්‍රී පාදස්ථානය හා අටමස්ථානය හැර අනෙක් ඕනෑම ස්ථානයක් එකී පනතේ යම් යම් විධි විධානයන්ගෙන් හෝ සම්පුර්ණයෙන් බැහැර කිරීමට අමාත්‍යවරයාට බලය ඇත.
ඒ අනුව ඉහත පනත පැනවීමෙන් පසුව පළමු වරට 1992 අංක 03 දරණ බෞද්ධ විහාර දේවාගම්(සංශෝධිත) පනත මගින්, මුල් පනතේ 14 වන වගන්තියේ (ඇ,ඇ) විධානයන් රුහුණු කතරගම දේවාලය නිදහස් කර ඇත.
පන්සල යන්න අර්ථ දැක්වීම
- රෝමනිස් එ. විමලසිරි 53 NLR 245
- කේ.ගුණරතන හිමි එ. ඩබ්.එස්. නායක හිමි 54 NLR 391
යන නඩු තීන්දු මගින් පන්සල යන්නට අර්ථ දීමේදී අධිකරණය මගින් ඊට පුළුල් අර්ථ දැක්වීමක් ලබා දී ඇත. ඒ අනුව ආගමික ගොඩනැගිලි, වැදුම් පිදුම් ස්ථාන හෝ භික්ෂුවක් සිටීම අවශ්‍ය නොවන බවත්, වැදුම් පිදුම් කරන කෙනෙක් හෝ කරන ලද කෙනෙක් කෙනෙක් හෝ එසේ වැදුම් පිදුම් කල ස්ථානයක් නම්, එය පන්සලක් ලෙස හදුනා ගැනීමට ප්‍රමාණවත් බවය.
සටහන…………….
- දෙහිඕවිට උප පොලිස් පරීක්ෂක එ. බොතේජු 28 NLR 311
මෙම නඩුවේදී තීරණය කරන ලද්දේ 1965 අංක 16 දරණ පොලිස් ආඥා පනතේ 60(2) වන ඡේදයේ අර්ථය අනුව බෞද්ධ විහාරස්ථානයක්, ප්‍රසිද්ධ ස්ථානයක් නොවන බවයි