සී. ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස මාස තුනක කාලයකට නැවත පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතිය

සී. ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස මාස තුනක කාලයකට නැවත පත් කිරීමට ජනාධිපතිතුමා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතිය

සී. ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස මාස තුනක (03) කාලයකට නැවත පත් කිරීමට ජනාධිපතිතුමා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලදී. මෙම පත්කිරීම 2023 මාර්තු 26 වැනි දින සිට ක්‍රියාත්මක වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රෙල් 01 වැනිදා රැස්විය.

මෙම රැස්වීම‍ට අගමැති දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) සාගර කාරියවසම්, කබීර් හෂීම් සහ ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

© 2023 Online Law Master. All rights reserved. | Handmade By Uvin