ගිහි සන්තක පන්සල ( 2 ලිපිය )

සටහන – පුජ්‍ය බුත්තල රාහුල හිමි | Online Law Master | Religious Law, Law relating to temples, බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත, බෞද්ධාගමික නීතිය

කිසියම් පුද්ගලයෙකුට, හෝ පවුලකට හෝ පුද්ගල කොට්ටාශයකට අයත් දේපලක් සග සතු නොකර, පන්සලක් වශයෙන් පවත්වාගෙන යාමේ හැකියාව ඇත. එවැනි පන්සලක් සදහා විහාරාධිපති භික්ෂුවක් නොමැති අතරම 1931 අංක 19 දරණ බෞද්ධ විහාරගම් දේවාල පනතේ විධි විධානයන්ද බලපවත්වන්නේ නැත.

එකී පන්සල ආරම්භ කර පවත්වාගෙන යනු ලබන අය විසින් තම ආගමික කටයුතු සදහා පමණක් තාවකාලිකව භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධ කරගනී. උදාහරණ ලෙස බෝධි පුජා, පොහොය දින ආගමික කටයුතු, වස් සමාදන් වීම ඒ අතර වේ.

මෙවැනි පන්සලක් සදහා භික්ෂුන් වහන්සේලාට හිමිකමක් නොමැති අතරම, එවැනි ස්ථානයක් සදහා ලැබෙන්නාවූ පරිත්‍යාග හා ආධාර සම්බන්ධයෙන් කටයුතු කිරීමට බෞද්ධ කටයුතු කොමසරිස්වාරයටද බලයක් නොමැත, ඉහත තත්වය සනාථ කරමින් ලබාදුන් නඩු තීන්දු වනුයේ

  1. වික්‍රමසිංහ එ. උන්නාන්සේ 22 NLR 236
  2. ඔලුවත්තේ ධම්ම කිර්ති තෙරුන්නාන්සේ එ. කෙවිටිගල ජිනසිරි තෙරුන්නාන්සේ 2 SLR 86 (1979)
  3. සද්ධාවාස තෙරුන්නාන්සේ එ. උදේනිස් මඩවල CALR 2 VOL 482 (1986)
  4. වේරහැර විමලසිරි තෙරුන්නාන්සේ එ. පොල්රෝලිස් ප්‍රනාන්දු 56 NLR 369