පන්සල හෝ විහාරස්ථානය සතු නෛතික පුද්ගලභාවය

සටහන – පුජ්‍ය බුත්තල රාහුල හිමි | Online Law Master | Religious Law, Law relating to temples, බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත, බෞද්ධාගමික නීතිය

….. අතීත තත්වය………
.
මුල් කාලයේදී පන්සල හෝ විහාරස්ථානය නිතිය ඉදිරියේ පිළිගත් පුද්ගලයෙක් හෝ සංස්ථාවක් නොවන බවත්, එම නිසාම දේපළ භාර ගැනීමට හෝ දැරීමට නොහැකි බවටත් තීරණය කරන ලදී. එසේ තීරණය කිරීමට හේතු වන්නේ විහාර දේවාලගම් පනත මගින් ප්‍රකාශිතව හෝ ව්‍යංගයෙන් පන්සල අවම වශයෙන් සංස්ථාගත තත්වයක් නොපෙන්වන බවය
.
එසේ තීරණය කරන ලද නඩු තීන්දු අතරින් ඉතා වැදගත් හා සුවිශේෂී නඩු තීන්දු කිහිපයක් පහතින් දක්වා ඇති අතර, එම නඩු තීන්දු වලදී සලකා බලා ඇත්තේ බටහිර නීති සංකල්ප පමණක් බව වැඩි දුරටත් සටහන් කරමි. .

  1. විජේවර්ධන එ. බුද්ධරක්ඛිත 59 NLR 121 ( කැලණිය රජමහා විහාරය)
  2. මාපිටිගම බුද්ධරක්ඛිත එ. විජේවර්ධන 62 NLR 49 ( කැලණිය රජමහා
    විහාරය)
  3. පවිස්තිනාහාමි එ. අකුරණ සීලවංශ තෙර 2 SLR 197 (1985) .

ඉහතින් දක්වන ලද නඩු තීන්දු යටතේ විස්තර කර ඇත්තේ, අන්තිම කැමති පත්‍රයක් මගින් ලබා දෙන දේපළ, පරිත්‍යාගයක් වශයෙන් ලබා දෙන දේපළ හා භාරයක් ලෙස ලබා දෙන දේපළ පංසලට භාර ගැනීමට නොහැකි බවත්, එසේ පවරා දීමක් කිරීමට අවශ්‍ය වන්නේ නම්, භාර ආඥා පනතේ විධි විධිනයන් අනුව ” භාරයක් ” වශයෙන් දේපළ භාරකරුවෙකුට හෝ භාරකාර මණ්ඩලයකට ලබා දිය යුතු බවත්, එසේ නොකර ලබාදෙන ලද දේපල නැවත, එකී දේපළ ලබා දුන් පාර්ශ්වයෙන් වෙතම පැවරෙන බවය.

                  .....වර්තමාන තත්වය.....

ඉහතින් දක්වන ලද පවිස්තිනාහාමි එ. අකුරණ සීලවංශ තෙර 2 SLR 197 (1985) නඩු තීන්දුවට එරෙහිව වෙත අකුරණ සීලවංශ හිමියන් විසින් අභියාචනයක් ඉදිරිපත්කල අතර, එම අභියාචනය පදනම් කර ගනිමින් ලබාදුන් තීන්දුව ලංකා ඉතිහාසයම වෙනස් කල බව කිව්වොත් නිවැරදිය
.
1986(3) කොළඹ අභියාචනාධිකරණ නීති වාර්තා 48 [ 1986(3) CALR 48] ලෙස වාර්තාගත වී ඇති අතර, එහි සදහන් වන්නේ බෞද්ධ විහාරයක් හෝ පන්සලක් පොදු ආයතනයක් වන අතර, එයට නිශ්චල හා චංචල යන දෙවර්ගයේම දේපළ අත්පත් කර ගැනීමටත්, දැරීමටත් හැකියාව ඇති බවය. මෙම තීන්දුව මගින් විහාර දේවාලගම් පනතේ 18 සහ 20 වන වගන්ති වල බලාත්මක භාවය තවවුරු කර ඇත.
.
1986(3) කොළඹ අභියාචනාධිකරණ නීති වාර්තා 48 [ 1986(3) CALR 48] ලෙස වාර්තාගත වී ඇති අතර, එහි සදහන් වන්නේ බෞද්ධ විහාරයක් හෝ පන්සලක් පොදු ආයතනයක් වන අතර, එයට නිශ්චල හා චංචල යන දෙවර්ගයේම දේපළ අත්පත් කර ගැනීමටත්, දැරීමටත් හැකියාව ඇති බවය. මෙම තීන්දුව මගින් විහාර දේවාලගම් පනතේ 18 සහ 20 වන වගන්ති වල බලාත්මක භාවය තවවුරු කර ඇත .

  1. ඕමාරේ ධම්මපාල තෙර එ. රාජපක්ෂ පීරිස් 1 SLR 1 (2004) .
    මෙම නඩුවේදී ශ්‍රේෂ්ඨධිකරණය තීරණය කරේ ” විහාරස්ථානයක් යනු ස්වයං උප්පත්තියක් ඇති ආයතනයක් බවය, එයට නීතිමය වශයෙන් හා නිත්‍යානුකූලව දේපළ ලබා ගැනීමට, ලැබීමට, දැරීමට හා දේපළ සම්බන්ධයෙන් විහාර දේවාලගම් පනතේ විධි විධානයන්ට අනුව කටයුතු කිරීමේ හැකියාව ඇති බවය”
    එකී තීන්දුව ඒ ආකාරයෙන් ලබා දීමට පදනම වන්නේ පන්සල හෝ විහාරස්ථානය පොදු ස්ථානයක් බවත්, එය ස්වයං උප්පත්තියක් ඇති ස්ථානයක් බවත්, එම නිසා එකී ස්ථානය නෛතික පුද්ගලයකු හෝ සංස්ථාවක් නොවුවත්, දේපළ සම්බන්ධ කරුණකදී නෛතික පුද්ගලයකු ලෙස සැලකිය යුතු බවය.
    . .
    ……..විශේෂ……….

පොදු ස්ථානයක් බවත්, එය ස්වයං උප්පත්තියක් ඇති ස්ථානයක් බවත්, එවැනි ස්ථානයක් සදහා දේපළ සම්බන්ධ කරුණකදී නෛතික පුද්ගලභාවයක් ඇති බවට පන්සල සැලකීම ශ්‍රී ලාංකික නීතිමය සංකල්පයක් වන අතර, ඉංග්‍රීසි හා රෝම ලන්දේසිය නිතිය පමණක් නොව සමස්ත බටහිර නීති පද්ධතියට මෙම සංකල්පය නුහුරු නුපුරුදු එකක් වනු ඇත. මෙම සංකල්පය ශ්‍රී ලංකික නීති පද්ධතිය පන්සල සම්බන්ධයෙන් හදුන්වාදීම තුලින්, මෙරට අධිකරණ පද්ධතිය බෞද්ධ ධර්ශනයට හා සංකල්ප සදහා ලබා දෙන්නාවූ සුවිශේෂී බව මානව පැහැදිලි වෙයි.